WEL COME..!!!

මාලිගාවට ඔබ සාදරයෙන් පිළිගනිමු..!

Sunday, July 24, 2011

ත්‍රිපල් ෆයු

 සෑහෙන කාලෙකින් මේක අප්ඩේට් වෙලා නැති නිසා මටත් හිතුනා අයේ මොකක් හරි රස කතාවක් දාන්න ඕනේ කියලා. කොහෙද ඉතින් මේ අධ්‍යාපන වැඩ කටයුතු අස්සේ ඔක්කොම දේවල් කරන්නත් ඕනෙනේ.
 

හරි එහෙනම් මෙන්න මේකයි සිද්දිය. මේක වුනේ අපේ මාලිගාවේ කාටවත් නම් නෙවේ. ඔන්න අපි කොළඹ ඉන්න කලේ ඒ කියන්නේ වැලිවිට හන්දියට එන්න කලින් එතකොට ඉතින් අපිත් එක්ක මීට වඩා කට්ටිය හිටියා.ඔක්කොම හැලිලා ගිහිල්ලා දැන් ඉන්නේ ඉතින් මාලිගාවේ සෙට් එකයි තව අර කැලයක් මැදින් පාර වැටිලා තියන නයි පොළොංගු බහුල, බෝඩිමේ (කියන්නේ නම් බලකොටුවද මොකද්ද) ඉන්න සෙට් එකයි, තව ඔය සෙට් දෙක තුනක් විතරයි.

ඔන්න ඔය කලේ තම අර ප්‍රසිද්ද ජංගම දුරකථන සේවා සැපයුම් සමගම ලංකාවට අවේ. අපිත් ඉතින් ගිහිල්ලා ගත්තා ඔය කියන සිම් තොග පිටින්. මොකද නිකන්නේ දුන්නේ.දැන් නම් ඒවාට තියල තියන පොලු ගණන් කරලා බැලුවම මම හිතන විදිහට එච්චර ප්‍රමාණයක ලාබයක් වත් ඔය කියන සමාගමට ලැබෙන්න නැතුව ඇති. දන්න විදිහට මේ වෙද්දි ඔය ජලයේ රෙජිස්ටර් නොවුණු ජාතික හැදුනුම් පතක් අපි දන්න කෙනෙකුට නම් තියෙන්න බෑ. ඒ කියන්නේ ගෑනු ළමයාගේ විතරක් නෙවේ අම්මලා තාත්තලා, සීයලා අච්චිලත් අපේ අය්යල රෙජිස්ටර් කරලා ඇති.


හරි හරි කතාව කිව්වේ නෑනේ තාම. ඒ හරියෙම ඒ කියන්නේ කොල්ලුපිටිය මාර්කට් එක ළඟ තියනවා ඔය කියන සමාගමේ කාර්යාලයක්. ඒ කලේ අපේ බෝඩින් වලට යන පාර හදාගෙන තිබ්බේ එක ඇතුලෙන් තමා. ඒ කියන්නේ හැමදාම හවසට මේ කාර්යාලයට ගොඩ වැදිලා මිසක් අපි බෝඩිම් වලට ගියේ නෑ (හේතුව එකේ හිටපු අක්කලා දෙන්න වැඩිය ඈහට කනට පේන්නේ නෑ)


ඔන්න ඉතින් ඕක ලංකාවට ආපුම කාලේ නිසා 3G සිග්නල් දීල තිබ්බේ නුවර සහ කොළඹ ආවරණය වෙන්න විතරයි. කොටින්ම ගම්පහටවත් තිබ්බේ නෑ (දැන් අපේ කට්ටිය නම් දන්නවා ඇති මම මොකටද එන්න හදන්නේ කියලා) අපිත් එක්ක ගම්පහ යාලුවෙක් ඉන්නවා "ලගාන්" කියලා. මේ හාදයත් ඔන්න ආව අපිත් එක්ක දවසක්. ඇවිල්ල මිනිහගේ හිත දැන් සිම් එකක් ගන්නවද නැද්ද කියලා. ඔන්න ඉතින් ප්‍රශ්න කෝටියයි. 


මිනිහ දැන් අක්කාගෙන් අහනවා  
 "අක්කේ ගම්පහට 3G තියනවද?"
මේ අක්ක හොඳටම දන්නවා ගම්පහට 3G නෑ කියලා ඒ වුනාට ඉතින් ඒ කට්ටිය එහෙම එක පාරටම නෑ කියන්නේ නෑනේ(මාර්කටින් මචන්ලා මාර්කටින්) "ඔන්න ඔය ෆෝන් එකෙන් මල්ලි "
ත්‍රිපල් ෆයු" ඩයල් කරලා කස්ටමර් කෙයාර් එකෙන් අහන්න" කියලා කිව්වා. අපිටත් ඉතින් ගානක් නෑ ඔය ආ ගිය දේවල් කතා කර කර හිටියා. අර යකා ඉතින් සෑහෙන වෙලාවක් මොනවදෝ ඔබ ඔබ ඉඳල "අක්කේ මේක වැඩ කරන්නේ නෑනේ" කියලා කිව්වා.
ඉතින් අක්ක කියනවා "නෑ මල්ලි ඕක වැඩ කරනවා, පහේ ඒවා තුනකට නෙවෙයිද ගත්තේ" කියලා ඇහුවා. එතකොට අපේ ලගාන් කියනවා ....


"එහෙනම් කලින් කිව්වේ "ත්‍රිපල් ෆයු" ගන්න කියලා".(අපි හොල්මන්) බලනකොට මිනිහ මෙච්චර වෙලාවක් ඩයල් කරලා තියෙන්නේ තුනේ ඒවා පහක්(කොහේ වැඩ කරන්නද ඉතින්). මොනවා කරන්නද අපි චිරාත් කාලයක් හදාගෙන තිබ්බ කාඩ් ඔක්කොම කුඩේ කුඩු. අයේ ඉතින් අපේ බෝඩිම් වලට යනකොට  සුපුරුදු පාරෙන්ම තමා ගියේ.


ඔය කියන සමාගමේම ඩොන්ගල් ඩිලිවරි කරන්නෙත් අපේ මාලිගාවේම එක්කෙනෙක් තමා ඒ කතාව පස්සේ වෙලාවක දාන්නම්කො

1 comment: