WEL COME..!!!

මාලිගාවට ඔබ සාදරයෙන් පිළිගනිමු..!

Saturday, December 24, 2011

ටූ ස්පූන් කූල් වෝටර්

මාලිගාවට එකතු වුන අලුත්ම සාමාජිකයා ගැන කිව්වේ නැත්තම් එකත් හරි නෑනේ. මෙයා මේ කතාව ලියන මගේ (ඒ කියන්නේ ඔය කලින් දාල තියන විදිහට මැනේජර්) ඉස්කෝලේ එක පන්තියේ එක පේලියේ හිටපු යාලුවෙක්, මගේ මාර්ගයෙන් තම මාලිගාවට සෙට් වුනේ. මෙයාව ඉතින් ඒ කලේ ඉඳන්ම දන්නේ "චිනා" කියලා. මිනිහට සැගවුන දක්ෂතා ගොඩක් තියනවා, සංගීතය තමා ප්‍රදානම එක. මාලිගාවේ කට්ටිය සෙට් වෙන වෙලාවට ගිටාර් එක ගහල සින්දුවක් කියන්න මෙයට බාර දීල තියෙන්නේ ඒ හැකියාවන් වලට අත දීමක් විදිහට ඕන්. වෙලාව තියන හැටියට අනිත් ඒවා දාන්නම්කො. මේ ලියන කතාව ටිකක් විතර අර "තිපල් ෆයු" කතාවට සමානයි.

අපේ චිනාට ඉස්කෝලේ යන කලේ තිබ්බා පිස්සුවක් ඔය ඉංග්‍රීසි චිත්තරපටි වල ඉන්න නළුවෝ ආනල්ඩ් නැත්තම් රෙස්ලින්ග් වල බැටිස්ටලා, ජෝන් සීනලා ලංකාවේ නම් රන්ජන් අයියා වගේ ඇඟ පත හද ගන්න ඕනේ කියලා දැන් ඉතින් උඹල කියන්න එපා ඕක මහා දෙයක් නෙවේ ගොඩක් එවුන්ට ඔය කාලෙට ඕක තියනවා කියලා. එක මම දන්නවා හරි ඔන්න එක මෙයටත් තිබ්බා කියලා මම කියන්නම්කො එතකොට හරිනේ.

අපරාදේ කියන්න බෑ ගෙදර හාල් ගෝනි උස්සන්න ගිහින් බිම අත ඇරලා,  අලවංගුව අරගෙන වත්තට ගිහිල්ල (ගෙදර ඕක උස්සන්න බෑනේ ඔක්කොමල බලාගෙන ඉන්නවනේ) උස්සපු උස්සපු තැන් වල අමතක කරලා ඇවිල්ලා (වැස්සට තෙමිලා මලකඩ කාලා) බැනුම් අහපු වාර නම් අනන්තයි කියලා තමයි ඒ දවස් වල දැනගන්න ලැබුනේ. මෙයාගේ ගෙවල් එහෙම ඉස්කොලේට සෑහෙන දුර නිසා ඉස්ස්කොලෙන් පස්සේ ඉඳල ඉතින් දැන් වගේ ජිම් යන්නත් බෑනේ ඉතින් හෝම් ජිම් තමා. වැඩි වියදමකුත් නෑනේ.

හරි ඒවුනාට ඉතින් ඕක නිකම්ම කරා කියලත් ඉක්මනට පේන්න තරම් වෙනසක් නෑනේ කරපු අය දන්නවා ඇතිනේ. ඉතින් අර සප්ලිමෙන්ටරි කියලා ජාතියක් තියෙන්නේ ඕකක් ගහන්නත් ඕනේ ඒ කලේ දන්නා විදිහට නම් ඉතින් "කැසී ලැන්" හරි "මෙගා මාස්" හරි තමා ප්‍රසිද්ද වෙලා තිබ්බේ. මෙයත් ඉතින් ඕකක් අරගෙන බොන්න ඕනේ කියලා හිතල ඕකෙන් මෙගා මාස් එක ටිකක් විතර ගණන් වැඩි නිසා කැසී ලැන් පැකට් එකක් ගන්න කියලා ඒ දවස් වල නම් මතක විදිහට රුපියල් හත්සීයක් විතර පාමසි එකකට ගිහිල්ලා ඕක ඉල්ලල තියනවා. පාමසි එකේ ඉඳල තියෙන්නේ මුස්ලිම් කොල්ලෙක් ඉතින් ඒ කට්ටියට සිංහල එහෙම වැඩිය කතා කරන්න බැරි  නිසා මෙයාට කිරි එක දීල වැඩි හොඳට මල්ලි "ටූ ස්පූන් කූල් වෝටර්" කියලා භාවිතයට උපදෙස් එහෙමත් දීලා. අපේ චිනා ගෙදර ඇවිල්ලා අර කඩේ අයිය කියපු විදිහට මේක හදන්න පටන් ගෙන මුළු කිරි පැකට් එකම කොප්පෙකට දාගෙන වතුර හැඳි දෙකක් විතරක් දාල. එතකන් අර මනුස්සය කියලා තියෙන්නේ කිරි හැඳි දෙකක් එක වරකට සීතල වතුරෙන් දිය කර ගන්න කියලා. මිනිහත් බලාගෙන ඉන්නවලු, අර තලපය ඉතින් කැටි ගැහිලා අයේ දිය වෙන්නේ නැති ගානටම කැටි වෙලා. ආයෙම සැරයක් වතුර දැම්මත් ඉතින් ඒ කටේ දිය වෙලා නෑ. මොනවා කරන්නද ඉතින් රුපියල් හත්සීයක්නේ බන් කියලා මම ඒ කැටේ කෑවා කියලා ඉස්ස්කොලේ අපි ඔක්කොමල ඉන්න තැන මේ යකා ඇවිල්ලා කිව්වේ.

Thursday, July 28, 2011

එපා එපා මීවිත.....

මේ සිද්දිය වෙලා දැන් ටික කාලයක් ගිහින් , ඒත් අදටත් මේ කතාව මතක් වෙන අපි හැමෝටම එදා වගේම හිනා පහල වෙනවා.මේ කතාවට සම්බන්ද පුද්ගලයා අපේ නිවහනේ පූර්න කාලීන සාමාජිකයෙක් නම් නෙවෙයි. හැබැයි මෙයා ගැන මම "මාලිගා පුරවැසියො" පෝස්ට් එක සදහන් කලා.අපි කොච්චර මොන දේ කලත් අපි අපේ ගුණධර්ම ,සාරධර්ම අමතක කරන්න නරකයි .ඒ නිසා මේ කතාව කරගෙන යද්දි අපේ ඒ වැඩිහිටියන්ට ගරු කරන හොද පුරුද්ද නිසාම , මම අදාල කතානායකයා "S" කියලා හදුන්වන්නම්.

මේ කතාව කියවන කට්ටිය දැකලා ඇති ඔය සමහර වයසක , එහෙම නැත්නම් තමන්ගේ තරුණ විය පසු කරමින් ඉන්න අය , තමන්ගේ වයස අමතක කරලා වැඩ කරනවා. (ඒ කිව්වේ කොල්ලෝ වෙන්න හදනවා ) එහෙම වුනාම ඉතින් තමන්ගේ සීමාව , තැන නොතැන අමතක වෙනවා. මේ කියන්න යන කතාවත් අන්න ඒ වගේ ළගින් යන එකක්.

ඔන්න ඉතින් "S" ඇතුලු ,අපි සෙට් එකම ෆීල්ඩ් ට්‍රිප් එකක් දාගත්තා අපේ "අම්බලන්ගොඩයාගේ" ,පලාතට .(ඔන්න ඉතින් දැන් අහන්න එපා කොහෙටද කියලා!!).ඇත්තම කියනවානම් ඌ අපිට ලෙසටම සැලකුවා. හොදට කන්න , බොන්න දීලා , අපි අතරේ ඉන්න අර ඉදලා හිටලාවත් තෙත් වෙන්නේ නැති ශරීර කූඩු දෙක ඇතුලුව , අපි ඔක්කෝටම මුහුදේ නාන්න සෙට් කරලා එහෙම ඔන්න ඉතින් නියමෙටම සැලකුවා.කොහොමෙන් කොහොම හරි ඔන්න රෑ වුනා . ඉතින් රොබින්ගේ ගිටාරය සහ අම්බලන්ගොඩයාගේ බෙරෙයි දෙකම ලගට ගෙන්න ගෙන අපි කට්ටියම පැදුරකට සෙට් වුනා.පැදුරක් නිකන් දිග ඇරෙන්නේ නෑනේ නේද?. ඉතින් ඒ සදහා උවමනා කරන කලමනා සේරම වැඩි වැඩියෙනුත් එක්ක අපි ලගට ගෙන්න ගත්තා.ඉතින් ඔහොම සිංදු කිය කිය අතරින් පතර බොරුත් කිය කිය අපි හරිම වීනෝදයෙන් හිටියා. ඉතින් කට්ටිය ඔක්කොමටම දැන් බඹර පදම. "S" ඉතින් කොල්ලා වගේ ඇග රත් කරගන්නවා. කොටින්ම කියනවානම් මිනිහාට දැන් හොදටම වැඩියි. ඒත් ඉතින් කොල්ලා වෙන්න යන හින්දා සටන අතහරින්න කැමතිත් නැහැ.ඉතින් අන්තිමේ "S" සටන පරාජය වුනා , විතරක් නෙවේ "අම්බලන්ගොඩයගේ" මාපිය පාර්ශවය ඉදිරියේ තව ටිකෙන් අපිවත් පරාජය කරවනවා.ඒක නිකන් අන්තිමේ ඛේදවාචකයක් වුනා , කට්ටිය ඉතින් "S" ව වත්තම් කරගෙන ඉතින් ගේ ඇතුලට ගත්තා. මිනිහා දැන් මරු විකල්ලේන් ශෝක ප්‍රකාශ කරනවා!. කාටද? අම්බලන්ගොඩයාට .. " අනේ මට සමාවෙයන් බන් මම ආයේ කවදාවත් .....න්නේ නැහැ .. ආයේ අම්මපා අම්බලන්ගොඩ එන්නේත් නැහැ!" කියලා.(රැ තිස්සේ සිලි සිලි මලු වලට "S" රහස් කියපු ඒවා මෙතන කියන්න එපා කිව්ව නිසා ඒවා කියන්නේ නෑ ඕන් හරිද..)...

දැන් තමා හොදම හරිය . ඔන්න පහුවදාට එලි වුනා , කලින් දවසේ ඩෙඩ් බොඩි වෙලා හිටපු "S" එහෙමත් අමාරුවෙන් නැගිට ගත්තා.දැන් කට්ටියම කලින් ලෑස්ති කරලා තිබ්බ මාදු ගගේ සවාරිය යන්න පිටත් වුනා.ඔන්න කොහොමෙන් කොහොමහරි ගග හරියට ගිහින් බෝට්ටුවටත් නැග ගත්තායි කියමුකෝ. කලින් දවසේ අමාරුව තිබ්බාට මොකද කට්ටිය ගිටාර් එකයි , බෙරෙයි ගෙනල්ලා තිබ්බා. ඔන්න සින්දුවෙන් සින්දුව පටන් ගත්තා.ඔහොම ගිහින් ගිහින් අපේ සගයෙක් අපි කවුරුත් දන්න සින්දුවක් කියන්න ගත්තා.

"මහ වැස්සක පෙර නිමිති පෙනෙනවා , ........("S" තාමත් ආෆ්ටර් පාර්ටි නිසා සද්ද්යක් නෑ.) සින්දුව දැන් දිගටම යනවා. ...."එපා එපා මීවිත මගේ දෙතොලට"...ඉතිරි ටික සම්පූර්න කරන්න තියා හිතන්නවත් කලින් මෙච්චර වෙලා , ලොස් වෙලා හිටපු "S" කියනවා ..." සහතික ඇත්ත බන් ! .. සහතික ඇත්ත...!!!!"


Sunday, July 24, 2011

මාලිගා පුවත්

ප්‍රකාශය දෙවන වලිබහු

දේශිය පුවත්........

පන්ඩුක මහතාගෙ 23 වන උපන්දින සාදයට සහභාගි වි පැමිනි පිරිසගෙන් එක් පුද්ගලයකුට අසාදිය අතර ඔහු අයියො අම්මො තත්වයට පත්වි ඇත..
මාලිගවෙන් ලැබෙන ආරන්චි මාර්ග අනුව කිරි පානයෙන්ද ඔහුගෙ රොගි තත්වය අඩුවි නැත....

අශාන් මහතාගෙ රැකියාවේ තෙමස් පූර්න සාදය පසුගිය දිනක හිදි පැවැත්වුනි මේ සදහාද අපගේ අයියො අම්මො මහතා ඇතුලු මලිගවේ පිරිස සහ බලකොටුවේ පිරිස සහභාගි විය.

සාදය අවසනයේ මාලිගවේ පිරිස බලකොටුවට පැමිනි අතර එහිදි නැවත සුලු සදයක් පවත් වා ඇත.
එම සාදය අතරමගදි නැවතත් අයියො අම්මො මහතා අසාදිය වි ඇති අතර ලැබෙන ආරන්චි මාර්ග අනුව ඔහු කොස්සක් තුරුලු කරගෙන බිම නිදා සිටියදි මාලිගවේ හා බලකොටුවේ සමාජිකයන් එකතුව ඔහුව ගුවන් මගින් නැවත මලිගවට එවිමට කටයුතු සලසා ඈත. මෙම බලකොටු සාදයේදි රොබින් හුඩ් මහතාද අසනීප වු බවට තොරතුරු ලැබි ඇත

විදේශිය පුවත්

මාලිගවේ සිට විදේශ ගත වුන අම්බලන්ගොඩ මහතාට රැකියා ස්තානයෙන් ප්‍රහාරයක් එල්ල වි ඇත. මීට හේතුව වී ඇත්තේ තම ආයතනයේම සේවය කරන තරුනියකට දුරකතන අංකය ලබාදිමේදි එම තරුනියගේ පෙම්වතා එය දැකිමත් සමගය කෙසේ වෙතත් මෙය මාලිගා ජනතාව විසින් හෙලා දැක ඇත.

ක්‍රිඩා පුවත්

මාලිගවේ 88 89 කන්ඩායම් අතර පසුගියදා ක්‍රිකට් තරගයක් මාලිගා පිට්යෙදිම පැවැත් වුනි. මෙහිදි 88 කන්ඩායම අයියො අම්මො මෙහෙය වු අතර 89 කන්ඩායම රොබින් හුඩ් මෙහයවුයේය. මෙම තරගය 5ට3ක් ලෙස පහසුවෙන් ජය ගැනිමට රොබින් හුඩ් ප්‍රමුක 89 කන්ඩායම සමත් විය. මෙහෙදි චමිලගේ පිති හරබය අගය කලයුතු වේ.

අදට නියමිත පුවත් මෙතකින් නිමවට පත් වෙනවා ඔබ සැමට සුබ රත්ත්‍රියක්...........

ත්‍රිපල් ෆයු

 සෑහෙන කාලෙකින් මේක අප්ඩේට් වෙලා නැති නිසා මටත් හිතුනා අයේ මොකක් හරි රස කතාවක් දාන්න ඕනේ කියලා. කොහෙද ඉතින් මේ අධ්‍යාපන වැඩ කටයුතු අස්සේ ඔක්කොම දේවල් කරන්නත් ඕනෙනේ.
 

හරි එහෙනම් මෙන්න මේකයි සිද්දිය. මේක වුනේ අපේ මාලිගාවේ කාටවත් නම් නෙවේ. ඔන්න අපි කොළඹ ඉන්න කලේ ඒ කියන්නේ වැලිවිට හන්දියට එන්න කලින් එතකොට ඉතින් අපිත් එක්ක මීට වඩා කට්ටිය හිටියා.ඔක්කොම හැලිලා ගිහිල්ලා දැන් ඉන්නේ ඉතින් මාලිගාවේ සෙට් එකයි තව අර කැලයක් මැදින් පාර වැටිලා තියන නයි පොළොංගු බහුල, බෝඩිමේ (කියන්නේ නම් බලකොටුවද මොකද්ද) ඉන්න සෙට් එකයි, තව ඔය සෙට් දෙක තුනක් විතරයි.

ඔන්න ඔය කලේ තම අර ප්‍රසිද්ද ජංගම දුරකථන සේවා සැපයුම් සමගම ලංකාවට අවේ. අපිත් ඉතින් ගිහිල්ලා ගත්තා ඔය කියන සිම් තොග පිටින්. මොකද නිකන්නේ දුන්නේ.දැන් නම් ඒවාට තියල තියන පොලු ගණන් කරලා බැලුවම මම හිතන විදිහට එච්චර ප්‍රමාණයක ලාබයක් වත් ඔය කියන සමාගමට ලැබෙන්න නැතුව ඇති. දන්න විදිහට මේ වෙද්දි ඔය ජලයේ රෙජිස්ටර් නොවුණු ජාතික හැදුනුම් පතක් අපි දන්න කෙනෙකුට නම් තියෙන්න බෑ. ඒ කියන්නේ ගෑනු ළමයාගේ විතරක් නෙවේ අම්මලා තාත්තලා, සීයලා අච්චිලත් අපේ අය්යල රෙජිස්ටර් කරලා ඇති.


හරි හරි කතාව කිව්වේ නෑනේ තාම. ඒ හරියෙම ඒ කියන්නේ කොල්ලුපිටිය මාර්කට් එක ළඟ තියනවා ඔය කියන සමාගමේ කාර්යාලයක්. ඒ කලේ අපේ බෝඩින් වලට යන පාර හදාගෙන තිබ්බේ එක ඇතුලෙන් තමා. ඒ කියන්නේ හැමදාම හවසට මේ කාර්යාලයට ගොඩ වැදිලා මිසක් අපි බෝඩිම් වලට ගියේ නෑ (හේතුව එකේ හිටපු අක්කලා දෙන්න වැඩිය ඈහට කනට පේන්නේ නෑ)


ඔන්න ඉතින් ඕක ලංකාවට ආපුම කාලේ නිසා 3G සිග්නල් දීල තිබ්බේ නුවර සහ කොළඹ ආවරණය වෙන්න විතරයි. කොටින්ම ගම්පහටවත් තිබ්බේ නෑ (දැන් අපේ කට්ටිය නම් දන්නවා ඇති මම මොකටද එන්න හදන්නේ කියලා) අපිත් එක්ක ගම්පහ යාලුවෙක් ඉන්නවා "ලගාන්" කියලා. මේ හාදයත් ඔන්න ආව අපිත් එක්ක දවසක්. ඇවිල්ල මිනිහගේ හිත දැන් සිම් එකක් ගන්නවද නැද්ද කියලා. ඔන්න ඉතින් ප්‍රශ්න කෝටියයි. 


මිනිහ දැන් අක්කාගෙන් අහනවා  
 "අක්කේ ගම්පහට 3G තියනවද?"
මේ අක්ක හොඳටම දන්නවා ගම්පහට 3G නෑ කියලා ඒ වුනාට ඉතින් ඒ කට්ටිය එහෙම එක පාරටම නෑ කියන්නේ නෑනේ(මාර්කටින් මචන්ලා මාර්කටින්) "ඔන්න ඔය ෆෝන් එකෙන් මල්ලි "
ත්‍රිපල් ෆයු" ඩයල් කරලා කස්ටමර් කෙයාර් එකෙන් අහන්න" කියලා කිව්වා. අපිටත් ඉතින් ගානක් නෑ ඔය ආ ගිය දේවල් කතා කර කර හිටියා. අර යකා ඉතින් සෑහෙන වෙලාවක් මොනවදෝ ඔබ ඔබ ඉඳල "අක්කේ මේක වැඩ කරන්නේ නෑනේ" කියලා කිව්වා.
ඉතින් අක්ක කියනවා "නෑ මල්ලි ඕක වැඩ කරනවා, පහේ ඒවා තුනකට නෙවෙයිද ගත්තේ" කියලා ඇහුවා. එතකොට අපේ ලගාන් කියනවා ....


"එහෙනම් කලින් කිව්වේ "ත්‍රිපල් ෆයු" ගන්න කියලා".(අපි හොල්මන්) බලනකොට මිනිහ මෙච්චර වෙලාවක් ඩයල් කරලා තියෙන්නේ තුනේ ඒවා පහක්(කොහේ වැඩ කරන්නද ඉතින්). මොනවා කරන්නද අපි චිරාත් කාලයක් හදාගෙන තිබ්බ කාඩ් ඔක්කොම කුඩේ කුඩු. අයේ ඉතින් අපේ බෝඩිම් වලට යනකොට  සුපුරුදු පාරෙන්ම තමා ගියේ.


ඔය කියන සමාගමේම ඩොන්ගල් ඩිලිවරි කරන්නෙත් අපේ මාලිගාවේම එක්කෙනෙක් තමා ඒ කතාව පස්සේ වෙලාවක දාන්නම්කො

Saturday, July 23, 2011

සුදු කොටු , කලු කොටු !!!



















කන වෙලාව ආවත් කන්න දෙයක් ගේ හරියේ නැහැ..බඩගින්නේම මේ පැත්තේ ආවා මඩක් ගහලා යන්න.මම මුලින්ම දාපු පෝස්ට් එක මතක ඇතිනේ. අන්න ඒ කියපු එක්කෙනෙක් ගැන පොඩි කතාවක් තමා මේ.

මේ කතාව අදාල වෙන්නේ "නටරාජ්" ට. ඇත්තම කියනවානම් කොලඹ ආපු මුල්ම කාලේ නටරාජ් (ඒ කාලේ නටරාජ් නෙවේ!) වෙන අය තරම්ම නොවුනත් යම් තරමකට හරි පිරිසිදුව හිටියා. මේ යකාගේ ඔය හොද පුරුදුවලට කෙල වෙන්න ගත්තේ , මූ පවුලක් -පන්සලක් (කෝවිලක් ද මංදා) වෙන්න හිතුවායින් පස්සේ.ඔන්න මේක කියවන අය මට බනිනවා , එහෙම වුනාම කොහොමද හොද පුරුදු නැති වෙන්නේ කියලා නේද? ...ම්ම්ම් මෙහෙමයි හිතුවාටම බැහැනේ ඒක ඉශ්ඨ වෙන්නත් එපැයි. ඉතින් එහෙම වුනාම හිත බිදෙනවා , කන්න බොන්න කෙසේ වෙතත් නාන්න , රෙදි හෝදන්න අමතක වෙනවා!!!!

හරි දැන් මාතෘකාවට ඕනේ කරන ප්‍රවේශය හරි! දැන් කවරයේ , සමාවෙන්න පිංතූරයේ කතාව.මුලින්ම කියන්න ඕනේ ,ඔය රූපේ ඉන්නේ මගේ කවුරුත් එහෙම නොවෙයි. කට්ටිය දැක්කාද මේ හාදයා ඇදන් ඉන්න කලිසම ?? සුදු කොටු කලු කොටු කොට කලිසමක්නේ? ඔව් හරියටම හරි එහෙම එකක් තමයි. අපේ කතා නායක "නටරාජ්" ලගත් මේ වාගේ කලිසමක් තියේනවා.ඒත් මාස ගානකට සැරයක් විතර තමා අපි ඔය රූපේ විදියේ එකක් දකින්නේ..

අද කාලේ මැච් එකක් බැලුවත් ප්‍රශ්නයක් අහනවානේ ...මාත් දැන් ප්‍රශ්නයක් අහන්න යන්නේ.

Q) මාසයේ මුල් දිනවල නටරාජ් අදින්නේ සුදු , කලු කලිසමක් නම් ගතවෙන ඉතිරි දිනවල ඔහු අදිනු ලබන්නේ කවර පැහැයක් කලිසමක්ද? (ඉගිය: නටරාජ්ගේ හොද පුරුදු පිළිබද සැලකිලිමත් වෙන්න )

.........................................................
.
.
.
.
.

පිලිතුර : කලු , කලු කලිසමක්!!!

Saturday, July 2, 2011

සිමෙන්ති

ඔන්න කට්ටිය අඳුන ගත්තට පස්සේ පළවෙනිම කතාව මම කියන්න ඕනේ කියලා හිතුන. මේක සිද්ද වුනේ අපේ මාලිගාවේම සාමාජිකයෙකුට තමා. මම එයට කේ පී කියලා කියන්නම්කො. මේකේ කලින් කතා දෙක කියවපු අයනම් දැන් පුද්ගලයාව දන්නවා ඇති. මම හිතන්නේ මේ සිද්දියෙන් පස්සේ තමා මෙයාට ඔයා නම වැටෙන්න හේතුවුන කාරණා සිද්ද වෙන්න ඇත්තේ.

කාලය කියනවනම් අපි පාසල් අධ්‍යාපනය ලබන කාලයේ. අපේ කතානායකයා පැවතගෙන එන්නේ හොඳ ව්‍යාපාරික පවුලකින්නේ, මෙයාගේ සීයට තිබුණා හාඩ්වෙයාර් එකක් කන්ද උඩරට පැත්තේ.ඉතින් පාසල් නිවාඩු කාලයට එහෙම සීයට ඔය වැඩ වලට උදව්වක් දෙන්න අපේ කේ පී අමතක කරේ නෑ (අපරාදේ කියන්න බෑ හිත හොඳ කොල්ලා).

ඔහොම ඉතින් උදව් දීගෙන ඉන්නකොට හාඩ්වෙයාර් එකට එන ලමිස්සියෝ දිහා එහෙම ඇහැ ගහගෙන තමයි හිටියේ (ඔව් යකෝ හාඩ්වෙයාර් වලටත් කෙල්ලෝ එනවා). ඔන්න දවසක් ඔය බස් එකේදී, පුද්ගලික පංතියකදී එහෙම අඳුන ගත්ත ගෑනු ළමයෙකුත් ඔය හාඩ්වෙයාර් එකට ගොඩවුනා කියමුකෝ. මිනිහට ඉතින් ඊට වඩා දෙයක් නෑ හරියට තමන්ගේ කඩේ වගේ තමා ඉතින් හැසිරීම එහෙම. කොහොමහරි ගෑනු ළමය ඇවිල්ලා තියෙන්නේ අලුතෙන් හදන ගෙදරකට සිමෙන්ති ටිකක් ගන්න හොයල බලන්න. මිනිහත් ඉතින් තියන හොඳම සිමෙන්ති වර්ගය එහෙම පෙන්නලා එහෙම එක දාගන්නවලු. අපේ කේ පීගේ මාකටින් පාරට අර ගෑනු ළමයත් කැමති වෙලා එකෙන්ම සිමෙන්ති ගන්න තීරණය කලාලු. මිනිහට ඉතින් ෆුල් සැටිස් ලු. මේක තමා ඇම දාන්න අවස්ථාව කියලා අර ගෑනු ළමයට කිව්වලු "නංගි මට සල්ලි එපා ඔයා සිමෙන්ති ටික ඉක්මනට අරන් යන්න" කියලා. මේ වෙලාවේ සීය කඩේ ඉඳලා නෑ.
අරයත් ඉතින් මොකද "අනේ අයියේ එහෙම කමක් නැද්ද" කියලා අහලා සිමෙන්ති ටිකත් අරගෙන ගිය ගියාමයි අයේ ඇහැටවත් දකින්න හම්බුනේ නෑ කියලා තමා මාලිගාවේදී මේ කතාව කියපු කෙනා කිව්වේ.

අනේ ඉතින් මේ විස්තර ආරංචි වුන සීයා දීර්ග කාලයක් සතුටින් ජීවත් වෙලා එහෙම ලෝකයේ ඇත්තට මුහුණ දුන්නලු. ඔය කතාව අපි කියනකොට අපේම සීනියර් බැජෙක් (අපේ කේ පීගේ අතිජාත  මිත්‍රයෙක්) කිව්වා "මචන් මූ ඒ කෙල්ලට සිමෙන්ති දීලා නංගි ගෙනියන්න කවුරුහරිත් එවන්නද" කියලා ඇහුවලු.
එදායින් පස්සේ මෙයා ගෑනු ළමයෙක් දිහා බැලුවේ සෑහෙන කාලෙකට පස්සේ ඔය ගහට ගහක් හම්බෙනවා කියන පැත්තෙන් තමා.. 

මාලිගාවේ පුරවැසියෙක්.......

සැරදේවා.....!!! මාත් අපේ මාලිගාවෙ සාමාජිකයෙක් (පුන්ච් හාමු කෙනෙක්) අපි ගැන ඔක්කොම විස්තර දැන් හැමොම වගේ දන්නව අතිනේ...මන් අවේ ඒ විස්තර ඔයාලට කියපු කෙනා ගැන පොඩ්ඩක් කියන්න.....නැත්තන් හරි නැනේ....පොඩ්ඩක් කිව්වට කියගෙන යද්දි වැඩි වේයිද නම් දන්නෑ...මොකද එච්චරට දේවල් තියනව මෙයා ගැන කියන්න......

මෙයත් අපේ මලිගවට එකතු වෙන්නෙ කන්ද උඩරටින් (එහෙම තමයි ඉතින් කියන්නේ) මෙයගෙ නම තමයි "කොලු පීටර්" එහෙම කියන්නෙ ඇයි කියල ඔයාලටම තේරෙයි පස්සෙ......

අපේ මලිගවෙ මෙයාට විතරයි සැතපෙන්න ද්විත්ව සයනයක් තියෙන්නෙ (double bed එකක්)...හැබැයි ඒ සැතපෙන්න ඉඩ මදි හින්ද නම් නෙමෙයි....මාලිගාවට රාත්ත්‍රිය ගත කරන්න කවුරු හරි අමුත්තෙක් අවොත් මිනිහ ටක් ගාල කියන්නෙ "මගෙ ඇදේ ඉඩ තියනව" කියලයි..!!!

දවසක් ඔහොම ආපු එකෙක් මහ පාන්දර නැගිටල "මට මේක කරන්න බෑ ඔයි" කියල ඩෙනිමක් දාගත්ත හැටි වැඩිය කවුරුත් දන්නෑ මන් හිතන්නෙ...!!

හැබැයි මු පුදුම දැනුමක් තියන කොල්ලෙක්....වාහන ගැන තමයි වැඩියෙන්ම දන්නෙ..(එහෙම හිතමු මොකද අපි ඒ ගැන දන්නෙම නෑනේ)වාහනයක් ගැන අහුවොත් එක හදපු එකාගෙ තාත්තගෙ උපත් බරත් අහගන්න පුලුවන්අපේ යාලුවගෙන්.....

හැබැයි අපේ යාලුවට අඩුම දැනුමක් තියෙන්නෙ බෙහෙත් ගැනලු....(හී හී අනිත්ව ඔක්කොම දන්නවනෙ මූ)

අපේ යාලුව හින්ද මාලිගව අවට වැසියන්ගෙන් අපට මේ දවස්වල හරියට චොදනා එනව....මොකද කියනවනම් මේ පැත්තට දැන් නයි බොවෙලාලු හරියට...(මේ ලගදි නයි 18ක් ඇල්ලලා)

අපේ යලුවා ගැන නම් තව කියන්න දේවල් එමටයි...එත් ඉතින් එක පාර කියන එක සදචාර සම්පන්න නෑනෙ....මොනා උනත් අපේ පීටර්(කොලූ)කොල්ලන්ට (ඔනෑවටත් වඩා)ගොඩක් උදව් කරන හොද යාලුවෙක්....මෙයා ක්‍රිකට් ගහන හැටි,දේශන වෙලාවෙදි ඇහැරිලා ඉන්න හැටි එහෙම පස්සෙ වෙලාවක මම ඔයාලට කියන්නම්.....මන් නැති උනත් වෙන කවුරු හරිවත් අනිවා කියයි...

එහෙනම් මන් ගියා ඔන්න.....හැමොටම ජයශ්‍රී.......අපේ මාලිගාව සදාකල් වැජබේවා.........!!!!!!!


Thursday, June 30, 2011

මාලිගා පුරවැසියෝ...

හිත ගිය තැන මාලිගාව කියනවානේ....ඉතින් අපේ හිත ගියපු මාලිගාව තමා මේ. මාලිගාවේ අපේ ජිවිත හරිම සුන්දර විදියට ගලාගෙන යනවා. ඉතින් ඔය අතරින් පතර අපේ අයට වෙච්ච , මේ බ්ලොග් එක බලන අයට ප්‍රසිද්ධියේ කියන්න පුලුවන්, රස කථා බෙදා ගන්න එක හොදයි කියලා අපිට හිතුනා...
මොන දේ දාන්නත් කලින් මාලිගාවේ ඉන්න කට්ටිය ගැන කියලා ඉන්න ඕනේ කියලා හිතුනා...
මේ මාලිගා වැසියෝ ඔක්කෝම තාම රැකියා විරහිත ......පොඩ්ඩක් ඉන්න ...උපාධිත් නැති කට්ටිය , තාම වැලිවිට හංදියේ තොරතුරු තාක්‍ෂණය හදාරනවා.

මෙහේ ඉන්න අය ගැන කියන කොට මුලින්ම කියන්න ඕනේ අපේ මාලිගාවේ "හාමු" ගැන. හාමු කීවාට මොකද ඇත්තටම වෙන්ට හාමු තමා!!. සිදාදිය පැත්තේ නම ගිය තැනක අකුරු කලාට මොකද මේ ලෝකේ දෙයක් බෑ..ඒ වුනාට මොකද මේ යකා බාලද(ය.)ක්‍ෂයෙක්ලු .හැබැයි හීටරේ පිච්චේන්න උනූ වතුර එකක් තියනවා ඇරෙන්න , මේ ලෝකේ එකෙකුට බොන්න පුලුවන් වෙන්න තේ එකක්වත් හදා ගන්න බෑ...හැබැයි හාමුගේ කාන්තා කටයුතු නම් ඕනේවටත් වඩා හොදට කෙරෙනවා.ඒ හරිය අපි පස්සේ වේලාවක හීමිට කතා කරමු.හොදේ...

ඊලග එක්කෙනා තමා "මැනේජර්".මැනේජරයා මෙහේ ආවේ කන්ද උඩරට ඉදලා.මාලිගාවේ සියලුම මුදල් කටයුතු බලා කියා ගන්නේ මෙතුමා තමා. මාලිගාවේ අයියලා මූ කියන දේ ඉහටත් උඩින් පිලි ගන්නවා . ඒ මොකද කියනවානම් අපේ මැනේජරයා විතරයි තාම තමන්ටම කියලා , ස්ථිර බිරින්දෑ කෙනෙක් හොයාගෙන තියෙන්නේ...මැනේජරයාගේ ගම් පලාත ගැන විස්තර කරනවානම් , ඇත්තටම මූ පැවතෙන්නේ කන්ද උඩරටටත් ගොඩාක් ඈතින්..මැනේජරයාට ගමේ යනවා කියන්නේ වෙනමම මිශන් එකක්.කොල දිවියොන්ගෙන් බේරිලා , අලියො මග ඇරලා ගෙවල් දොරවල් බලා යනවා කියන්නේ ඉතින් ලේසි නැනේ..මැනේජරයාගේ රස කථා තව තියෙනවා. මැනේජරයා ගමේ ගියාම ජංජාලයට ලොග් වෙන හැටි මම පස්සේ කියන්නම්..

ඊලගට මම කියන්න යන්නේ "රොබින්හූඩ්" ගැන.මූ ගැන කියන්න ගිහින් මගේ ඇග පත තුවාල වෙන්නත් බැරි නැහැ , මේ චරිතය ඒ තරමට දරුණුයි.හැබැයි ඉතින් විදින්න ගත්තාම ඊතල ඉවරවෙනකන්ම විදලා , ඉල්ලගෙනත් විදිනවා.මාලිගාවට නිල ප්‍රවාහන සේවා සපයන්නේ මූ තමා.ඒ කිව්වේ අපේ අයගෙන් මාතලීගේ වැඩ කරන්නේ "රොබින්හුඩ්" තමා.හැබැයි හරිම වස චරිතයක් මෙහේ කැරපොත්තාගේ ඉදලා , කලවැද්දා වෙනකම්ම හැම එකාම මූට බයයි. මෙයා විදගත්ත හැටි අපි ඉස්සහරට කතා කරමු.

ඊලග දෙන්නා ගැන කියනවානම් "නටරාජ්" සහ "අය්යෝඅම්මෝ" , මෙහේ අඩුවෙන්ම වතුර පාවිච්චි කරන දෙන්නා .කොටින්ම නාන කාමරේ බිම පොඩ්ඩක්වත් තෙත් කරන්නේ නැතුව නාලා එන්න මේ දෙන්නාටම පුලුවන්.මේ දෙන්නා පොඩ්ඩක්වත් කම්මැලි "නැහැ"!!. කොටින්ම නාන්නේ , කන්නේ බොන්නේ නැතුව මූනූ පොතට එබිලා ඉන්නේත් නැහැ.ඔතනින් "නටරාජ්" කියන තරමක් කියන්නේම "ඇත්ත තමා"!."අය්යෝ අම්මෝ" නැගිටින්නේම සරිගම කන ගමන්.නටරාජ් පැවතෙන්නේ කන්ද උඩරටින්."අය්යෝඅම්මෝ" නම් ඉතින් මෙහේ ඉදන් සෑහෙන දුරින් තමා ආවේ.හැබැයි කියන්නේ ඇතුගල්පුර කියලා , දන්නෝ දනිති!!.

ඔක්කොම ගැන කියනකොට අමතක කරන්නම බැරි අපේ " අම්බලන්ගොඩයා" ගැන. දැන් අපිත් එක්ක නැති වුනත් බකින්හැම් වල ඉදන් "අම්බලන්ගොඩයා" මේ බ්ලොග් එක බලනවා ඇති.ඇත්තටම සතියේ දවස්වල අපිත් එක්ක ඉගෙන ගත්තාට මොකද.. මූගේ වැඩේ සති අන්තයේ මුහුදු යන එක තමා!!.සමහරවිට එංගලන්තේ ගිහිනුත් මාලූ අල්ලන්න දැල් දානවා වෙන්න පුලුවන්. මෙහෙදි නම් හැබැයි ඔය දැල්වලට වැඩියෙන්ම අහු වුනේ අහිංසක ,ගෑනු ලමයි තමා..මොනා වුනත් ඌ නැති අඩුව තාම තියෙනවා. ඇදලා පැදලා "ඒයි මෙන බලාපන් මූ " කියන්න එකෙක් නැති වුනාම එහෙම තමා.

කොයි ගෙදරත් ඉතින් වදකාරයෝ ඉන්න්වානේ අපිට ඉතින් ඇවිත් පොඩි හරි වදයක් දීලා යන්නේ "රයිනායි" "සූකයි" තමා.මේ දෙන්නා මෙහේ ස්ථිර පදිංචි කාරයෝ නොවුනත් ඉන්නේ මෙහෙම තමා. මේ දෙන්නා ඇත්තටම අර කෙළිදෙලින් ගත කරන්න ඕනේ කාලය පහු කරලා ඉන්නේ (ඕන් නාකියි කියන්න එපා කිව්වානේ). ඒත් අපි වගේ තරුණ ළමයි එක්කමයි ආස්‍රය.

මේ ඔක්කෝමත් එක්ක මාත් මේ මාලිගාවේ ආතල්බරව ඉන්නවා.ඉතින් රස කථා ගොන්නක් එක්ක පස්සේ එන්නම්.ඕන් මම ගියාවේ..