WEL COME..!!!

මාලිගාවට ඔබ සාදරයෙන් පිළිගනිමු..!

Saturday, July 2, 2011

සිමෙන්ති

ඔන්න කට්ටිය අඳුන ගත්තට පස්සේ පළවෙනිම කතාව මම කියන්න ඕනේ කියලා හිතුන. මේක සිද්ද වුනේ අපේ මාලිගාවේම සාමාජිකයෙකුට තමා. මම එයට කේ පී කියලා කියන්නම්කො. මේකේ කලින් කතා දෙක කියවපු අයනම් දැන් පුද්ගලයාව දන්නවා ඇති. මම හිතන්නේ මේ සිද්දියෙන් පස්සේ තමා මෙයාට ඔයා නම වැටෙන්න හේතුවුන කාරණා සිද්ද වෙන්න ඇත්තේ.

කාලය කියනවනම් අපි පාසල් අධ්‍යාපනය ලබන කාලයේ. අපේ කතානායකයා පැවතගෙන එන්නේ හොඳ ව්‍යාපාරික පවුලකින්නේ, මෙයාගේ සීයට තිබුණා හාඩ්වෙයාර් එකක් කන්ද උඩරට පැත්තේ.ඉතින් පාසල් නිවාඩු කාලයට එහෙම සීයට ඔය වැඩ වලට උදව්වක් දෙන්න අපේ කේ පී අමතක කරේ නෑ (අපරාදේ කියන්න බෑ හිත හොඳ කොල්ලා).

ඔහොම ඉතින් උදව් දීගෙන ඉන්නකොට හාඩ්වෙයාර් එකට එන ලමිස්සියෝ දිහා එහෙම ඇහැ ගහගෙන තමයි හිටියේ (ඔව් යකෝ හාඩ්වෙයාර් වලටත් කෙල්ලෝ එනවා). ඔන්න දවසක් ඔය බස් එකේදී, පුද්ගලික පංතියකදී එහෙම අඳුන ගත්ත ගෑනු ළමයෙකුත් ඔය හාඩ්වෙයාර් එකට ගොඩවුනා කියමුකෝ. මිනිහට ඉතින් ඊට වඩා දෙයක් නෑ හරියට තමන්ගේ කඩේ වගේ තමා ඉතින් හැසිරීම එහෙම. කොහොමහරි ගෑනු ළමය ඇවිල්ලා තියෙන්නේ අලුතෙන් හදන ගෙදරකට සිමෙන්ති ටිකක් ගන්න හොයල බලන්න. මිනිහත් ඉතින් තියන හොඳම සිමෙන්ති වර්ගය එහෙම පෙන්නලා එහෙම එක දාගන්නවලු. අපේ කේ පීගේ මාකටින් පාරට අර ගෑනු ළමයත් කැමති වෙලා එකෙන්ම සිමෙන්ති ගන්න තීරණය කලාලු. මිනිහට ඉතින් ෆුල් සැටිස් ලු. මේක තමා ඇම දාන්න අවස්ථාව කියලා අර ගෑනු ළමයට කිව්වලු "නංගි මට සල්ලි එපා ඔයා සිමෙන්ති ටික ඉක්මනට අරන් යන්න" කියලා. මේ වෙලාවේ සීය කඩේ ඉඳලා නෑ.
අරයත් ඉතින් මොකද "අනේ අයියේ එහෙම කමක් නැද්ද" කියලා අහලා සිමෙන්ති ටිකත් අරගෙන ගිය ගියාමයි අයේ ඇහැටවත් දකින්න හම්බුනේ නෑ කියලා තමා මාලිගාවේදී මේ කතාව කියපු කෙනා කිව්වේ.

අනේ ඉතින් මේ විස්තර ආරංචි වුන සීයා දීර්ග කාලයක් සතුටින් ජීවත් වෙලා එහෙම ලෝකයේ ඇත්තට මුහුණ දුන්නලු. ඔය කතාව අපි කියනකොට අපේම සීනියර් බැජෙක් (අපේ කේ පීගේ අතිජාත  මිත්‍රයෙක්) කිව්වා "මචන් මූ ඒ කෙල්ලට සිමෙන්ති දීලා නංගි ගෙනියන්න කවුරුහරිත් එවන්නද" කියලා ඇහුවලු.
එදායින් පස්සේ මෙයා ගෑනු ළමයෙක් දිහා බැලුවේ සෑහෙන කාලෙකට පස්සේ ඔය ගහට ගහක් හම්බෙනවා කියන පැත්තෙන් තමා.. 

No comments:

Post a Comment