WEL COME..!!!

මාලිගාවට ඔබ සාදරයෙන් පිළිගනිමු..!

Thursday, June 30, 2011

මාලිගා පුරවැසියෝ...

හිත ගිය තැන මාලිගාව කියනවානේ....ඉතින් අපේ හිත ගියපු මාලිගාව තමා මේ. මාලිගාවේ අපේ ජිවිත හරිම සුන්දර විදියට ගලාගෙන යනවා. ඉතින් ඔය අතරින් පතර අපේ අයට වෙච්ච , මේ බ්ලොග් එක බලන අයට ප්‍රසිද්ධියේ කියන්න පුලුවන්, රස කථා බෙදා ගන්න එක හොදයි කියලා අපිට හිතුනා...
මොන දේ දාන්නත් කලින් මාලිගාවේ ඉන්න කට්ටිය ගැන කියලා ඉන්න ඕනේ කියලා හිතුනා...
මේ මාලිගා වැසියෝ ඔක්කෝම තාම රැකියා විරහිත ......පොඩ්ඩක් ඉන්න ...උපාධිත් නැති කට්ටිය , තාම වැලිවිට හංදියේ තොරතුරු තාක්‍ෂණය හදාරනවා.

මෙහේ ඉන්න අය ගැන කියන කොට මුලින්ම කියන්න ඕනේ අපේ මාලිගාවේ "හාමු" ගැන. හාමු කීවාට මොකද ඇත්තටම වෙන්ට හාමු තමා!!. සිදාදිය පැත්තේ නම ගිය තැනක අකුරු කලාට මොකද මේ ලෝකේ දෙයක් බෑ..ඒ වුනාට මොකද මේ යකා බාලද(ය.)ක්‍ෂයෙක්ලු .හැබැයි හීටරේ පිච්චේන්න උනූ වතුර එකක් තියනවා ඇරෙන්න , මේ ලෝකේ එකෙකුට බොන්න පුලුවන් වෙන්න තේ එකක්වත් හදා ගන්න බෑ...හැබැයි හාමුගේ කාන්තා කටයුතු නම් ඕනේවටත් වඩා හොදට කෙරෙනවා.ඒ හරිය අපි පස්සේ වේලාවක හීමිට කතා කරමු.හොදේ...

ඊලග එක්කෙනා තමා "මැනේජර්".මැනේජරයා මෙහේ ආවේ කන්ද උඩරට ඉදලා.මාලිගාවේ සියලුම මුදල් කටයුතු බලා කියා ගන්නේ මෙතුමා තමා. මාලිගාවේ අයියලා මූ කියන දේ ඉහටත් උඩින් පිලි ගන්නවා . ඒ මොකද කියනවානම් අපේ මැනේජරයා විතරයි තාම තමන්ටම කියලා , ස්ථිර බිරින්දෑ කෙනෙක් හොයාගෙන තියෙන්නේ...මැනේජරයාගේ ගම් පලාත ගැන විස්තර කරනවානම් , ඇත්තටම මූ පැවතෙන්නේ කන්ද උඩරටටත් ගොඩාක් ඈතින්..මැනේජරයාට ගමේ යනවා කියන්නේ වෙනමම මිශන් එකක්.කොල දිවියොන්ගෙන් බේරිලා , අලියො මග ඇරලා ගෙවල් දොරවල් බලා යනවා කියන්නේ ඉතින් ලේසි නැනේ..මැනේජරයාගේ රස කථා තව තියෙනවා. මැනේජරයා ගමේ ගියාම ජංජාලයට ලොග් වෙන හැටි මම පස්සේ කියන්නම්..

ඊලගට මම කියන්න යන්නේ "රොබින්හූඩ්" ගැන.මූ ගැන කියන්න ගිහින් මගේ ඇග පත තුවාල වෙන්නත් බැරි නැහැ , මේ චරිතය ඒ තරමට දරුණුයි.හැබැයි ඉතින් විදින්න ගත්තාම ඊතල ඉවරවෙනකන්ම විදලා , ඉල්ලගෙනත් විදිනවා.මාලිගාවට නිල ප්‍රවාහන සේවා සපයන්නේ මූ තමා.ඒ කිව්වේ අපේ අයගෙන් මාතලීගේ වැඩ කරන්නේ "රොබින්හුඩ්" තමා.හැබැයි හරිම වස චරිතයක් මෙහේ කැරපොත්තාගේ ඉදලා , කලවැද්දා වෙනකම්ම හැම එකාම මූට බයයි. මෙයා විදගත්ත හැටි අපි ඉස්සහරට කතා කරමු.

ඊලග දෙන්නා ගැන කියනවානම් "නටරාජ්" සහ "අය්යෝඅම්මෝ" , මෙහේ අඩුවෙන්ම වතුර පාවිච්චි කරන දෙන්නා .කොටින්ම නාන කාමරේ බිම පොඩ්ඩක්වත් තෙත් කරන්නේ නැතුව නාලා එන්න මේ දෙන්නාටම පුලුවන්.මේ දෙන්නා පොඩ්ඩක්වත් කම්මැලි "නැහැ"!!. කොටින්ම නාන්නේ , කන්නේ බොන්නේ නැතුව මූනූ පොතට එබිලා ඉන්නේත් නැහැ.ඔතනින් "නටරාජ්" කියන තරමක් කියන්නේම "ඇත්ත තමා"!."අය්යෝ අම්මෝ" නැගිටින්නේම සරිගම කන ගමන්.නටරාජ් පැවතෙන්නේ කන්ද උඩරටින්."අය්යෝඅම්මෝ" නම් ඉතින් මෙහේ ඉදන් සෑහෙන දුරින් තමා ආවේ.හැබැයි කියන්නේ ඇතුගල්පුර කියලා , දන්නෝ දනිති!!.

ඔක්කොම ගැන කියනකොට අමතක කරන්නම බැරි අපේ " අම්බලන්ගොඩයා" ගැන. දැන් අපිත් එක්ක නැති වුනත් බකින්හැම් වල ඉදන් "අම්බලන්ගොඩයා" මේ බ්ලොග් එක බලනවා ඇති.ඇත්තටම සතියේ දවස්වල අපිත් එක්ක ඉගෙන ගත්තාට මොකද.. මූගේ වැඩේ සති අන්තයේ මුහුදු යන එක තමා!!.සමහරවිට එංගලන්තේ ගිහිනුත් මාලූ අල්ලන්න දැල් දානවා වෙන්න පුලුවන්. මෙහෙදි නම් හැබැයි ඔය දැල්වලට වැඩියෙන්ම අහු වුනේ අහිංසක ,ගෑනු ලමයි තමා..මොනා වුනත් ඌ නැති අඩුව තාම තියෙනවා. ඇදලා පැදලා "ඒයි මෙන බලාපන් මූ " කියන්න එකෙක් නැති වුනාම එහෙම තමා.

කොයි ගෙදරත් ඉතින් වදකාරයෝ ඉන්න්වානේ අපිට ඉතින් ඇවිත් පොඩි හරි වදයක් දීලා යන්නේ "රයිනායි" "සූකයි" තමා.මේ දෙන්නා මෙහේ ස්ථිර පදිංචි කාරයෝ නොවුනත් ඉන්නේ මෙහෙම තමා. මේ දෙන්නා ඇත්තටම අර කෙළිදෙලින් ගත කරන්න ඕනේ කාලය පහු කරලා ඉන්නේ (ඕන් නාකියි කියන්න එපා කිව්වානේ). ඒත් අපි වගේ තරුණ ළමයි එක්කමයි ආස්‍රය.

මේ ඔක්කෝමත් එක්ක මාත් මේ මාලිගාවේ ආතල්බරව ඉන්නවා.ඉතින් රස කථා ගොන්නක් එක්ක පස්සේ එන්නම්.ඕන් මම ගියාවේ..

No comments:

Post a Comment