මේ සිද්දිය වෙලා දැන් ටික කාලයක් ගිහින් , ඒත් අදටත් මේ කතාව මතක් වෙන අපි හැමෝටම එදා වගේම හිනා පහල වෙනවා.මේ කතාවට සම්බන්ද පුද්ගලයා අපේ නිවහනේ පූර්න කාලීන සාමාජිකයෙක් නම් නෙවෙයි. හැබැයි මෙයා ගැන මම "මාලිගා පුරවැසියො" පෝස්ට් එක සදහන් කලා.අපි කොච්චර මොන දේ කලත් අපි අපේ ගුණධර්ම ,සාරධර්ම අමතක කරන්න නරකයි .ඒ නිසා මේ කතාව කරගෙන යද්දි අපේ ඒ වැඩිහිටියන්ට ගරු කරන හොද පුරුද්ද නිසාම , මම අදාල කතානායකයා "S" කියලා හදුන්වන්නම්.
මේ කතාව කියවන කට්ටිය දැකලා ඇති ඔය සමහර වයසක , එහෙම නැත්නම් තමන්ගේ තරුණ විය පසු කරමින් ඉන්න අය , තමන්ගේ වයස අමතක කරලා වැඩ කරනවා. (ඒ කිව්වේ කොල්ලෝ වෙන්න හදනවා ) එහෙම වුනාම ඉතින් තමන්ගේ සීමාව , තැන නොතැන අමතක වෙනවා. මේ කියන්න යන කතාවත් අන්න ඒ වගේ ළගින් යන එකක්.
දැන් තමා හොදම හරිය . ඔන්න පහුවදාට එලි වුනා , කලින් දවසේ ඩෙඩ් බොඩි වෙලා හිටපු "S" එහෙමත් අමාරුවෙන් නැගිට ගත්තා.දැන් කට්ටියම කලින් ලෑස්ති කරලා තිබ්බ මාදු ගගේ සවාරිය යන්න පිටත් වුනා.ඔන්න කොහොමෙන් කොහොමහරි ගග හරියට ගිහින් බෝට්ටුවටත් නැග ගත්තායි කියමුකෝ. කලින් දවසේ අමාරුව තිබ්බාට මොකද කට්ටිය ගිටාර් එකයි , බෙරෙයි ගෙනල්ලා තිබ්බා. ඔන්න සින්දුවෙන් සින්දුව පටන් ගත්තා.ඔහොම ගිහින් ගිහින් අපේ සගයෙක් අපි කවුරුත් දන්න සින්දුවක් කියන්න ගත්තා.
"මහ වැස්සක පෙර නිමිති පෙනෙනවා , ........("S" තාමත් ආෆ්ටර් පාර්ටි නිසා සද්ද්යක් නෑ.) සින්දුව දැන් දිගටම යනවා. ...."එපා එපා මීවිත මගේ දෙතොලට"...ඉතිරි ටික සම්පූර්න කරන්න තියා හිතන්නවත් කලින් මෙච්චර වෙලා , ලොස් වෙලා හිටපු "S" කියනවා ..." සහතික ඇත්ත බන් ! .. සහතික ඇත්ත...!!!!"