WEL COME..!!!

මාලිගාවට ඔබ සාදරයෙන් පිළිගනිමු..!

Thursday, July 28, 2011

එපා එපා මීවිත.....

මේ සිද්දිය වෙලා දැන් ටික කාලයක් ගිහින් , ඒත් අදටත් මේ කතාව මතක් වෙන අපි හැමෝටම එදා වගේම හිනා පහල වෙනවා.මේ කතාවට සම්බන්ද පුද්ගලයා අපේ නිවහනේ පූර්න කාලීන සාමාජිකයෙක් නම් නෙවෙයි. හැබැයි මෙයා ගැන මම "මාලිගා පුරවැසියො" පෝස්ට් එක සදහන් කලා.අපි කොච්චර මොන දේ කලත් අපි අපේ ගුණධර්ම ,සාරධර්ම අමතක කරන්න නරකයි .ඒ නිසා මේ කතාව කරගෙන යද්දි අපේ ඒ වැඩිහිටියන්ට ගරු කරන හොද පුරුද්ද නිසාම , මම අදාල කතානායකයා "S" කියලා හදුන්වන්නම්.

මේ කතාව කියවන කට්ටිය දැකලා ඇති ඔය සමහර වයසක , එහෙම නැත්නම් තමන්ගේ තරුණ විය පසු කරමින් ඉන්න අය , තමන්ගේ වයස අමතක කරලා වැඩ කරනවා. (ඒ කිව්වේ කොල්ලෝ වෙන්න හදනවා ) එහෙම වුනාම ඉතින් තමන්ගේ සීමාව , තැන නොතැන අමතක වෙනවා. මේ කියන්න යන කතාවත් අන්න ඒ වගේ ළගින් යන එකක්.

ඔන්න ඉතින් "S" ඇතුලු ,අපි සෙට් එකම ෆීල්ඩ් ට්‍රිප් එකක් දාගත්තා අපේ "අම්බලන්ගොඩයාගේ" ,පලාතට .(ඔන්න ඉතින් දැන් අහන්න එපා කොහෙටද කියලා!!).ඇත්තම කියනවානම් ඌ අපිට ලෙසටම සැලකුවා. හොදට කන්න , බොන්න දීලා , අපි අතරේ ඉන්න අර ඉදලා හිටලාවත් තෙත් වෙන්නේ නැති ශරීර කූඩු දෙක ඇතුලුව , අපි ඔක්කෝටම මුහුදේ නාන්න සෙට් කරලා එහෙම ඔන්න ඉතින් නියමෙටම සැලකුවා.කොහොමෙන් කොහොම හරි ඔන්න රෑ වුනා . ඉතින් රොබින්ගේ ගිටාරය සහ අම්බලන්ගොඩයාගේ බෙරෙයි දෙකම ලගට ගෙන්න ගෙන අපි කට්ටියම පැදුරකට සෙට් වුනා.පැදුරක් නිකන් දිග ඇරෙන්නේ නෑනේ නේද?. ඉතින් ඒ සදහා උවමනා කරන කලමනා සේරම වැඩි වැඩියෙනුත් එක්ක අපි ලගට ගෙන්න ගත්තා.ඉතින් ඔහොම සිංදු කිය කිය අතරින් පතර බොරුත් කිය කිය අපි හරිම වීනෝදයෙන් හිටියා. ඉතින් කට්ටිය ඔක්කොමටම දැන් බඹර පදම. "S" ඉතින් කොල්ලා වගේ ඇග රත් කරගන්නවා. කොටින්ම කියනවානම් මිනිහාට දැන් හොදටම වැඩියි. ඒත් ඉතින් කොල්ලා වෙන්න යන හින්දා සටන අතහරින්න කැමතිත් නැහැ.ඉතින් අන්තිමේ "S" සටන පරාජය වුනා , විතරක් නෙවේ "අම්බලන්ගොඩයගේ" මාපිය පාර්ශවය ඉදිරියේ තව ටිකෙන් අපිවත් පරාජය කරවනවා.ඒක නිකන් අන්තිමේ ඛේදවාචකයක් වුනා , කට්ටිය ඉතින් "S" ව වත්තම් කරගෙන ඉතින් ගේ ඇතුලට ගත්තා. මිනිහා දැන් මරු විකල්ලේන් ශෝක ප්‍රකාශ කරනවා!. කාටද? අම්බලන්ගොඩයාට .. " අනේ මට සමාවෙයන් බන් මම ආයේ කවදාවත් .....න්නේ නැහැ .. ආයේ අම්මපා අම්බලන්ගොඩ එන්නේත් නැහැ!" කියලා.(රැ තිස්සේ සිලි සිලි මලු වලට "S" රහස් කියපු ඒවා මෙතන කියන්න එපා කිව්ව නිසා ඒවා කියන්නේ නෑ ඕන් හරිද..)...

දැන් තමා හොදම හරිය . ඔන්න පහුවදාට එලි වුනා , කලින් දවසේ ඩෙඩ් බොඩි වෙලා හිටපු "S" එහෙමත් අමාරුවෙන් නැගිට ගත්තා.දැන් කට්ටියම කලින් ලෑස්ති කරලා තිබ්බ මාදු ගගේ සවාරිය යන්න පිටත් වුනා.ඔන්න කොහොමෙන් කොහොමහරි ගග හරියට ගිහින් බෝට්ටුවටත් නැග ගත්තායි කියමුකෝ. කලින් දවසේ අමාරුව තිබ්බාට මොකද කට්ටිය ගිටාර් එකයි , බෙරෙයි ගෙනල්ලා තිබ්බා. ඔන්න සින්දුවෙන් සින්දුව පටන් ගත්තා.ඔහොම ගිහින් ගිහින් අපේ සගයෙක් අපි කවුරුත් දන්න සින්දුවක් කියන්න ගත්තා.

"මහ වැස්සක පෙර නිමිති පෙනෙනවා , ........("S" තාමත් ආෆ්ටර් පාර්ටි නිසා සද්ද්යක් නෑ.) සින්දුව දැන් දිගටම යනවා. ...."එපා එපා මීවිත මගේ දෙතොලට"...ඉතිරි ටික සම්පූර්න කරන්න තියා හිතන්නවත් කලින් මෙච්චර වෙලා , ලොස් වෙලා හිටපු "S" කියනවා ..." සහතික ඇත්ත බන් ! .. සහතික ඇත්ත...!!!!"


1 comment: