WEL COME..!!!
මාලිගාවට ඔබ සාදරයෙන් පිළිගනිමු..!
Saturday, July 23, 2011
සුදු කොටු , කලු කොටු !!!
කන වෙලාව ආවත් කන්න දෙයක් ගේ හරියේ නැහැ..බඩගින්නේම මේ පැත්තේ ආවා මඩක් ගහලා යන්න.මම මුලින්ම දාපු පෝස්ට් එක මතක ඇතිනේ. අන්න ඒ කියපු එක්කෙනෙක් ගැන පොඩි කතාවක් තමා මේ.
මේ කතාව අදාල වෙන්නේ "නටරාජ්" ට. ඇත්තම කියනවානම් කොලඹ ආපු මුල්ම කාලේ නටරාජ් (ඒ කාලේ නටරාජ් නෙවේ!) වෙන අය තරම්ම නොවුනත් යම් තරමකට හරි පිරිසිදුව හිටියා. මේ යකාගේ ඔය හොද පුරුදුවලට කෙල වෙන්න ගත්තේ , මූ පවුලක් -පන්සලක් (කෝවිලක් ද මංදා) වෙන්න හිතුවායින් පස්සේ.ඔන්න මේක කියවන අය මට බනිනවා , එහෙම වුනාම කොහොමද හොද පුරුදු නැති වෙන්නේ කියලා නේද? ...ම්ම්ම් මෙහෙමයි හිතුවාටම බැහැනේ ඒක ඉශ්ඨ වෙන්නත් එපැයි. ඉතින් එහෙම වුනාම හිත බිදෙනවා , කන්න බොන්න කෙසේ වෙතත් නාන්න , රෙදි හෝදන්න අමතක වෙනවා!!!!
හරි දැන් මාතෘකාවට ඕනේ කරන ප්රවේශය හරි! දැන් කවරයේ , සමාවෙන්න පිංතූරයේ කතාව.මුලින්ම කියන්න ඕනේ ,ඔය රූපේ ඉන්නේ මගේ කවුරුත් එහෙම නොවෙයි. කට්ටිය දැක්කාද මේ හාදයා ඇදන් ඉන්න කලිසම ?? සුදු කොටු කලු කොටු කොට කලිසමක්නේ? ඔව් හරියටම හරි එහෙම එකක් තමයි. අපේ කතා නායක "නටරාජ්" ලගත් මේ වාගේ කලිසමක් තියේනවා.ඒත් මාස ගානකට සැරයක් විතර තමා අපි ඔය රූපේ විදියේ එකක් දකින්නේ..
අද කාලේ මැච් එකක් බැලුවත් ප්රශ්නයක් අහනවානේ ...මාත් දැන් ප්රශ්නයක් අහන්න යන්නේ.
Q) මාසයේ මුල් දිනවල නටරාජ් අදින්නේ සුදු , කලු කලිසමක් නම් ගතවෙන ඉතිරි දිනවල ඔහු අදිනු ලබන්නේ කවර පැහැයක් කලිසමක්ද? (ඉගිය: නටරාජ්ගේ හොද පුරුදු පිළිබද සැලකිලිමත් වෙන්න )
.........................................................
.
.
.
.
.
පිලිතුර : කලු , කලු කලිසමක්!!!
Subscribe to:
Post Comments (Atom)
ha ha Jalayata Adipathige Kalu kalu kalisama
ReplyDeleteඔය වගේම කොටු කොටු කලිසමක් මෙහෙ ඊළඟට පිරිසිදුවටම ඉන්න කෙනාටත් තියනවා. දෙන්නම ඉතින් එක අත්තේ පොල් තමා.
ReplyDelete